හරීන්ට අද පැය අටක සැත්කමක්

0
Harin Fernando Facebook Status about Surgery - හරීන්ට අද පැය අටක සැත්කමක්
තමා අද පැය අටක තීරණාත්මක සැත්කමකට මුහුණ දෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුවෙි ඊයේ සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ පහුගිය මැයි මස පළමු වැනිදාත් ජීවිතයේ මෙවැනිම තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන් බවයි.

“මුළු ජීවිතයම අභියෝගයක් වගේම සෑම දවසක්ම තීරණාත්මක දවසක් කියලා මේ කෙටි කාලය තුළදී මට අත්දැකීමෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණා.ඒ තුළින් මම මගේ ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගත්තා.

ජීවිතයේ යම් යම් කාරණා සම්බන්ධව මම විවිධ අවස්ථාවල අවදානම් සහගත පරීක්ෂණ වලට මුහුණ දීලා තියෙනවා.අභියෝග සහ අවදානමට මුහුණ දීමට කිසිම වෙලාවක මම පසුබට වෙලා නෑ.

නමුත් සම්පූර්ණයෙන්ම ජීවිතය සම්බන්ධව පරීක්ෂණවලට මුහුණ දීමට ලැබීම අනෙක් සේරටම වඩා අභියෝගාත්මකයි.අවදානම් සහගතයි.

හෙට මුහුණ දෙන්නේ ජීවිතය සම්බන්ධ අන්න එහෙම අවදානම් සහගත දෙවෙනි පරීක්ෂණයට .

ඒ වෙනුවෙනුත් මම සූදානම්! යනුවෙන් ද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.