රට ඇරියත් පළාත් සංචරණ තහනම අඛණ්ඩව

0
Genaral Shavendra Silva Statement of Travel Restriction - රට ඇරියත් පළාත් සංචරණ තහනම අඛණ්ඩව

හෙට දිනයේ රට විවෘත වුවද අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් කටයුතු සඳහා පළාත් අතර සංචරණය තවදුරටත් තහනම් වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

පසුගිය අගෝස්තු 20 වැනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මකව පවතින නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝබර් පළමුවැනිදා (හෙට) උදෑසන 4 සිට ඉවත්කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන කමිටුව වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව හෙට අලුයම 4 සිට දැනට පවතින නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.