රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින්ව නිවසේ රඳවා ප්‍රතිකාර

0
Covid 19 in sri lanka - කොවිඩ් ආසාදිතයින්ව

PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිත බවට හඳුනා ගන්නා එහෙත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන කොවිඩ් ආසාදිතයින්ව ඔවුන්ගේ නිවාස තුළම රඳවා ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ එම ක්‍රමවේදය සඳුදා (17) සිට ක්‍රියාත්මක කරන බවය.

ඔවුන් යම්කිසි හෝ සංකූලතාවයකින් පෙළෙන්නේ නම් එවැනි පුද්ගලයින්ව රෝහල්ගත කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.