ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ප්‍රේක්ෂකයින්ට විවෘත කිරීමට අවධානය

0
LPL T20 League December - ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ප්‍රේක්ෂකයින්ට විවෘත කිරීමට අවධානය

ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි අදියරේ තරඟ ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් යුතුව පැවැත්වීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගනවල ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 25 කට ක්‍රීඩාංගනයේ සිට තරඟ නැරඹීම සඳහා අවස්ථාව ලබාදීමට අවධානය යොමුකර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසුවේ.

එලෙස ක්‍රීඩාංගණ වෙත පැමිණ තරඟ නැරඹීමට අවස්ථාව හිමිවනු ඇත්තේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට පමණක් බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසුවා.

මේ අතර LPL තරඟාවලියේ පළමු අදියරේ ශූරතාව දිනූ “ජැෆ්නා ස්ටැලියන්ස්” කණ්ඩායමේ නම “ජැෆ්නා කින්ග්ස්” ලෙස වෙනස් කිරීමට කණ්ඩායමේ කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.