නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් 01 ඉවත් කෙරේ

0
Genaral Shavendra Silva Statement of Lockdown Lift - නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් 01 ඉවත් කෙරේ
දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 01 වනදා උදෑසන 4ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.

එයට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

පසුගිය අගෝස්තු මස 20 වනදා රාත්‍රියේ 10 සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබීය.