කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් වැළඳී මියයයි

0
Kotikawatta Mulleriyawa Pradeshiya Saba Chairman Dead by Covid - කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් වැළඳී මියයයි
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28) පස්වරුවේ මියගියේය.

කොවිඩ් ආසාදිතව අයි ඩී එච් රෝහලේ මාසයකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා, කෝමා තත්ත්වයෙන් සිටියදී කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත්තේ ඉකුත් සතියේ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සති දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි සභාපතිවරයා ඊයේ (28) පස්වරුවේ මිය ගියේය.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් රංගජීව ජයසිංහ මහතා පත්වූයේ ඉකුත් 2018 වර්ෂයේදීය.