අද දිනයේ කාලගුණ තත්ත්වය

0
Today Weather Forecast - අද දිනයේ කාලගුණ තත්ත්වය

අද (29) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දිවයින හරහා විශේෂයෙන්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද, වයඹ,දකුණ සහ බස්නාහිර පළාත්වලත්, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40ත් 50ත් අතර දක්වා වැඩි විය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන්.