දයාසිරි ඇමතිකමෙන්, මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වන්න සූදානම්

0
Dayasiri Redy for Resign from Parliament - දයාසිරි ඇමතිකමෙන්, මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වන්න සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී පුළුල් සන්ධානයක් ලෙස පැමිණෙන්නේ නම් ඒ මොහොතේ තීරණයක් ගැනීමට සූදානම් බව රාජ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස යලි තරඟ වදින්නැයි තමන්ට දැනටමත් ඉල්ලීම් ගණනාවක් ද ලැබී ඇති බවද පැවසූ ඔහු පක්ෂය එම ඉල්ලීම කරන්නේ නම් තමන් ඒ සඳහා සූදානම් බවද පැවසීය.

වයඹ පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස තමන් පළාතට විශාල වැඩ කොටසක් ඉටු කර ඇතැයිද ඔහු පැවසීය.

පක්ෂය ඉදිරියේදී සන්ධානයක් ලෙස ඉදිරියට එන්නේ නම් නැවත වතාවක් පළාත් මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට යයිද ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය වෙනුවෙන් කුරුණෑගල ප්‍රදේශයේදී පැවති ලේ දන්දීමේ වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමිනි.

මීට පෙරද ජයසේකර මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී වයඹ මහ ඇමති ධුරයට තරග කර ජයග‍්‍රහණය කලේය.