ගම්පහ දෙදෙනෙක් කොරෝනා ආසාදනය වී නිවෙස්වලම මිය යති

1
covid 19 deaths in sri lanka ගම්පහ දෙදෙනෙක් කොරෝනා ආසාදනය වී නිවෙස්වලම මිය යති

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වලව්වත්ත සහ බණ්ඩාරවත්තේ  නිවෙස් දෙකක දෙදෙනෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මිය යාමෙන් පසුව සිදු කළ පී.සී.ආර් පරීක්ෂාවේදී එම දෙදෙනා කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.

වලව්වත්ත පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක් සහ බණ්ඩාරවත්තේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවත් නිවෙස්වලින් පිටතට නොගොස් ඇති මෙම දෙදෙනාට රෝගය ආසාදනය වූ අන්දම අනාවරණය වී නොමැති බවත් කළ විමසුමසකට පිළිතුරු දෙමින් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා කියයි.

එම පවුල්වල සාමාජිකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද කීය.