තවත් කොරෝනා මරණ 51ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොරෝනා මරණ 51ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 51ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12731ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 24 තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 22ක් සහ පිරිමි පුද්ගලයන් 29ක් වනවා.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ තහවුරු කළ මරණ අතර නැහැ.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 10ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් 05ක් සහ පිරිමි පුද්ගලයන් 05ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 17ක් සහ පිරිමි පුද්ගලයන් 24ක් මෙම මරණ 51 අතර වනවා.