අද තද වැසි සමඟ තාවකාලික තද සුළං

0
Today Weather Forecast - අද තද වැසි සමඟ තාවකාලික තද සුළං

අද (27) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ,දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50-60 දක්වා වැඩි විය හැකි බවත් එහි දැක්වෙනවා.