කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම අනිවාර්යය කෙරේද?

0
Keheliya Rambukwella Statement of Vaccination - කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම අනිවාර්යය කෙරේද?

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යතාව අනුව ඉදිරියේදී නීතිරීති සම්මත කර ගැනීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහනුවර ජාතික රෝහලේ ඊයේ (26) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

“සෞඛ්‍ය අංශ දැඩි ලෙස ඉල්ලීමක් කරනවා තමාගේ ආරක්ෂාව පිණිස මේ එන්නත් මාත්‍රා දෙකම ලබාගන්න කියලා. තමාගේ ජීවිතය ගැන තමාට අයිතියක් තියෙනවා වගේම තව කෙනෙකුට එය බෝ වෙන එක වැළැක්වීමට ගන්නා තීරණවලට විරුද්ධ වෙනවා නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා නීතිමය තත්ත්වයත් ඒ අත්‍යවශ්‍ය තත්ත්වයත් තුළ අපිට ඒ දේ කළ හැක්කේ කෙසේද කියන තීන්දුව ගන්න සිද්ධවෙනවා.”

බොහෝ පිරිසක් එන්නත් ලබාගැනීමට පැමිණෙන නමුත් ඇතමුන් එය නොසලකා හරින තත්ත්වයක් යටතේ රටේ අවශ්‍යතාවය මත ඉදිරියේදී එන්නත ලබාගැනීම පිළිබඳ සමාලෝචනය කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එන්නත්කරණය සම්බන්ධයෙන් ඉදිරියෙදී නීති රාමුවක් සකස් කිරීම අවශ්‍ය නම් එය සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කොට සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.