කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ගේ අභියාචනය විසිකරයි

0
Appeal of Banned Decision by Kusal, Niroshan and Danushka - කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ගේ අභියාචනය විසිකරයි
එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ අභියාචනා සළකා බැලීමෙන් තොරවම ඉවත දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙසේ වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට සහ රුපියල් කෝටිය බැගින් වන දඩයකට යටත්ව සිටිති.

කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට පසුගියදා පැමිණි අවස්ථාවේදී ඔවුන්ට උපදෙස් දී පිටත්කර හැරි බව කී එම උසස් නිලධාරියා දඬුවමට පරිදි මනෝ වෛද්‍ය උපදෙස් ගෙන යහමඟ පත්වුවහොත් දෙසැම්බර් මස පැවැත්වෙන එස්.එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබාදීම ගැන සළකා බලන බව දැනුම් දුන් බව සඳහන් කළේය.

ධනුෂ්ක ගුණතිලක විදේශගතව සිටීම නිසා පැමිණීමට නොහැකි වීමෙන් පසුව එන බව දැනුම්දී තිබූ බවත් ඔහු නැවත පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව දැනුම් දුන් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.