වාහන ආනයන තහනම ලිහිල් කරන්න සුදානම් වෙයි

0
Governer of Central Bank Statement of Vehicles - වාහන ආනයන තහනම ලිහිල් කරන්න සුදානම් වෙයි

රටට විදේශ විනිමය ගලා ඒම සිදුවන ආකාරය මත වාහන වාහන ආනයන සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරිම පිළිබඳ සලකා බැලිය හැකි වනු ඇති බව මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

හෙතම මේ අදහස් පල කළේ ඊයේ (25) ජාත්‍යන්තර වානිජ මණ්ඩල විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

වාහන ආයනය පමණක් නොව දැනට ආයනයන සම්බන්ධ බොහෝ සීමා ඉදිරියේදී ලැබෙන විදේශ විනිමය ආදායම් අනුව තුළනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු මෙහිදී කියා සිටියා.

දැනට රජය සාර්ථක ලෙස කොවිඩ් එන්නත්කරණයේ නියැළෙන බැවින් කඩිනමින් සංචාරක ව්‍යාපාරය යළි සුපුරුදු පරිදි ආරම්භ කිරීමට හැකියාව ලැබෙන බවත් අපනයන මූලික වූ කර්මාන්තද සුපුරුදු රිද්මයෙන් ගමන් කිරීමට හැකි වන බවත් තමන් විශ්වාස කරන බව පැවැසූ හෙතම මේ ඔස්සේ නැවතත් විදේශ විනිමය රට තුළට ගලා එන බව පැවසීය.