කොවිඩ් වැළදීමෙන් පසු එන්නත ගත්තොත් මොකද වෙන්නේ?

0
Neelika Malavige Statement of Covid Vaccination - කොවිඩ් වැළදීමෙන් පසු එන්නත ගත්තොත් මොකද වෙන්නේ?

එන්නත්කරණය හරහා බලාපොරොත්තු වන්නේ කොවිඩ් තත්වය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් බවට පත්කිරීම බව ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කල නිර්මාතෘවරියගේ අදහස බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අවධාරණය කරනවා.

මෙරට ජනගහනයෙන් සියයට 63 ක පිරිසට කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අතර සියයට 52 ක පිරිසක් කොවිඩ් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බවයි ඇය සදහන් කළේ.

කොවිඩ් වෛරසයේ හදුනාගන්නා නව ප්‍රභේද අනුව තෝරාගත් අවදානම් කාණ්ඩ සදහා සෑම වසරක් පාසාම කොවිඩ් එන්නතක් ලබා දීමට සිදුවනු ඇති බවද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මෙහිදී පෙන්වා දුන්නා.

කොවිඩ් වෛරසය වැළදීමට පෙර එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන තිබීම හෝ කොවිඩ් වැළදීමෙන් පසු එන්නත් ලබා ගෙන තිබුණහොත් ශරීරයේ ඇතිවන ප්‍රතිශත්තීකරණය ඉතා ප්‍රභල බවද නීලිකා මලවිගේ මහත්මිය අනාවරණය කළා.

ඒ හේතුවෙන් නැවත කොවිඩ් වෛසරය වැළදීමේ අවදානම ඉතාමත් අවම බවද මහාචාර්යවරිය ප්‍රකාශ කළා.