යුගදනවි කොටස් ඇමෙරිකාවට දෙන්න අපි අත උස්සන්නේ නැහැ

0
Sri Lanka Freedom Party Decision of Kerawalapitiya Power Plant - යුගදනවි කොටස් ඇමෙරිකාවට දෙන්න අපි අත උස්සන්නේ නැහැ

කෙරවලපිටිය, යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහය දක්වන්නේ නැතැයි එහි මහලේකම්, බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙම ගිවිසුම හරහා ලංකාවේ විදුලිබල ඒකාධිකාරය වෙනත් රටකට යාමේ ඉඩක් ඇති බව කී මහලේකම්වරයා එම විනාශයට අත උස්සන්නට තම පක්‍ෂය සූදානම් නැතැයි සඳහන් කළේය.

මෙම ගිවිසුම තුළින් නේපාලයේ තෙල් සම්බන්ධයෙන් ඇතිවූ තත්වය මෙරට විදුලිය සම්බන්ධයෙන් ඇතිවිය හැකි බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙම ගිවිසුම හරහා ඇමෙරිකාව විදුලියදීම නතර කළොත් මෙරටට විදුලිය නැති වන බව ද කීවේය.

මේ වන විට නේපාලයට තෙල් ලබාදෙන ඉන්දියාව තෙල් සැපයුම නවත්වන විට එරටට තෙල් අහිමිවන තත්වයක් මතුව තිබෙන බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.