කිරිපිටි, සිමෙන්ති, ගෑස් මිළ ඉහළ යයිද ? අවසන් තීන්දුව අද

0
Milk Cement and Gas Prices - කිරිපිටි, සිමෙන්ති, ගෑස් මිළ ඉහළ යයිද ? අවසන් තීන්දුව අද

ජීවන වියදම් කමිටුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි.

කිරිපිටි, සිමෙන්ති, ගෑස් ඇතුලු භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් වැඩි කිරීමට, ඒවා ආනයන සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

එමෙන්ම සහල් වර්ග කිහිපයක පාලන මිල සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන ජීවන වියදම් කමිටු රැස්වීමේදී යළි සලකා බැලෙනු ඇතැයි සඳහන්.