අද කොවිඩ් ආසාදිතයින් 1,300 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 1,300 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 450 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,368කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 510,040ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ගත් රෝගීන් 16,720 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 451,742 ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.