වෙඩි තැබීමෙන් මියගිය වීරකැටියේ දරුවාගේ සොහොන මත දී සීයා වස පානය කරයි

0
Person Suicide Attempt in Weeraketiya - වෙඩි තැබීමෙන් මියගිය වීරකැටියේ දරුවාගේ සොහොන මත දී සීයා වස පානය කරයි

වෙඩි තැබීමකින් මියගිය වීරකැටියේ 14 හැවිරිදි දරුවාගේ සොහොන මතදී ඔහුගේ සීයා වස බී සියදිවි හානිකරගැනීමට උත්සහ කර තිබෙනවා.

වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණු 14 හැවිරිදි පාසැල් සිසුවාගේ අවසන් කටයුතු ඊයේ (22) සවස සිදු කෙරුනා.

එම අවස්ථාවේදීයි ඔහුගේ 67 හැවිරිදි වියේ පසුවන සීයා මෙලෙස වස පානය කර සියදිවි හානිකරගැනීමට උත්සාහ කර ඇත්තේ.

පසුගිය දා වීරකැටිය ගජනායකගමදී ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකදී සිදුකල වෙඩි තැබීමකින් 14 හැවිරිදි වියේ පසුවන සචින්ත නිම්සර නමැති දරුවා ජීවිතක්ෂයට පත් වූවා.

දේහය මිහිදන් කිරීමෙන් පසු සෙසු පිරිස සුසාන භූමියෙන් පිටව යාමෙන් අනතුරුව සුසාන භූමියේ රැදී සිටි 67 හැවිරිදි පුද්ගලයා මෙලෙස වස පානය කර තිබෙනවා.

වස පානය කිරීමෙන් අනතුරුව ඥාතීන් විසින් ඔහු කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.