අලුත හැදූ ආදාහනාගාරයේ දේශපාලකයන්ගේ නම් 51ක්

0
Memorial Plaque of the Crematorium - අලුත හැදූ ආදාහනාගාරයේ දේශපාලකයන්ගේ නම් 51ක්
වැලිගම ප්‍රාදේශීය සභාව මගින් වරකපිටිය ප්‍රදේශයේ ඉදි කළ ආදාහනාගාරය සහ අවංගල්‍ය ශාලාවේ සමරු ඵලකයේ දේශපාලනඥයන්ගේ නම් 51ක් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතා බහකට ලක්ව ඇත.

ජනාධිපති,අගමැති,කතානායක ඇතුළු පාර්ලිමේන්තු මෙන්ම ප්‍රාදේශීය පක්ෂ විපක්ෂ දේශපාලනාඥයන්ගේ ද මන්ත්‍රී හිමිවරුන්, රාජ්‍ය නිලධාරීන් දකුණු පළාත් කොමසාරිවරයා ඇතුළු 51කගේ නම් ඇතුලත් කර තිබේ.

මෙය සමාජය තුළ දැඩි කතාවට ලක් වූ කාරණාවක් බවට පත්ව තිබේ. මහජන මුදලින් ඉංජිනේරු සමාගමට සහ ප්‍රධාන ඉංජිනේරුවරයාට සමරු තිළිණ ලබා දීම කෙරෙහි ද මේ වන විට සමාජ මාධ්‍ය මෙන්ම සමාජය තුල ද දැඩි කතා බහට ලක්ව තිබෙන කාරණාවක් වි හමාරය

වැලිගම ප්‍රාදේශීය සභාව මින්පුර නැඟුම ව්‍යාපෘතිය යටතේ ලක්ෂ හත්සියක මුදලින් ඉදිකළ “නිසල අරණ” ආදාහනාගාරය සහ අමංගල්‍ය ශාලාව ජනතා අයිතියට පත් කිරීම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම,මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, කරුණසේන කොඩිතුවක්කු,දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.