තවත් කොවිඩ් මරණ 92ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 92ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 92ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (21) දින තහවුරු කරන ලද මරණ වන අතර, ඉන් මරණ 51ක් පිරිමි පුද්ගලයින් වේ.

අවුරුදු 30ට අඩු පිරිමි හා කාන්තා එක් මරණයක් බැගින් වාර්තා වී ඇති අතර, අවුරුදු 30 – 59ත් අතර මරණ 19ක් වාර්තා වී තිබේ.

අවුරුදු 60ට වැඩි මරණ 71ක් වාර්තා වී ඇති අතර ඉන් මරණ 39ක් පිරිමි පුද්ගලයින්ගේ වේ.

මේ අතර අද දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 878 දෙනෙක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.