මෙල්බර්න් නගරයේ ඒකක 6.0 ක ප්‍රබල භූමිකම්පාවක්

0
Earthquake in Melbourne - මෙල්බර්න් නගරයේ ඒකක 6.0 ක ප්‍රබල භූමිකම්පාවක්
ඔස්ටේ්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයේ රික්ටර් මාපකයේ ඒකක 6 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

එරට වේලාවෙන් අද පෙරවරු 09 යි 15 ට පමණ හටගත් මෙම භූමිකම්පාව හමුවේ කිසිදු ජීවිත හානියක් සිදුවී නැහැ.

කෙසේවෙතත් ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බවයි මෙල්බර්න් වාර්තා සඳහන් කලේ.

මෙල්බර්න් නුවරට නැගෙනහිරින් මෑන්ස්ෆීල්ඩ් නම් ප්‍රදේශයේ හටගත් මෙම කම්පනය තත්පර 30 කට ආසන්න කාලයක් පැවති අතර එය සිඩ්නි සහ කැන්බරා නගර වෙතද දැනී තිබෙනවා.