තවත් කොවිඩ් මරණ 66ක් වාර්තා වෙයි

1
Covid Deaths Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 66ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (20) දින තහවුරු කර ඇත.

ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 12,284ක් දක්වා ඉහළගොස් තිබේ.

එම කොවිඩ් ආසාදිත මරණ 66න් 36 දෙනෙකු කාන්තාවන් වන අතර 30දෙනෙකු පිරිමි පුද්ගලයින් වේ.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 53 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් සිටී.