අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

0
Today weathwer forecast - අදත් මි.මී 75 ඉක්මවු වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ උතුරු සහ උතුරු මැද පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. 

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.  

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, නුවරඑළිය  සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවේ.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40ත් 50ත් දක්වා වැඩි විය හැකිය. 

විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 50ත් 60ත් දක්වා වැඩිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.