දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් 19 මරණ ගණන

0
Covid 19 new deaths in sri lanka - වැඩිම කොවිඩ් 19 මරණ
දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් 19 මරණ

දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන පරිදි ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත මරණ 29ක් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 921ක් ලෙස ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 2,289 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 138,085ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 110,108ක් වනවා.

ඒ අනුව මෙරට සක්‍රියව පවතින කොවිඩ් ආසාදිතයින් ගණන 27,054ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/