කුඹුර ලියා නොදුන්නැයි වැලිගම පොහොට්ටු මන්ත‍්‍රී මවට හා පියාට පහරදීලා

0
Weligama MP Attack for Parents - කුඹුර ලියා නොදුන්නැයි වැලිගම පොහොට්ටු මන්ත‍්‍රී මවට හා පියාට පහරදීලා

කුඹුරක් ලියා නොදුන්නැයි කියා වැලිගම ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයෙක් සිය මවට සහ පියාට පහරදුන් බව කියන සිද්ධියක් පිළිබඳව වැලිගම පොලිසිය පරීක්ෂණයක් පවත්වයි.

මෙම පහරදීමට ලක්වූ පියා දැනට අහංගම රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර අම්මා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබති. කාලයක් තිස්සේ පවතින ආරවුලක් මූලික කරගෙන මෙම පරදීම සිදුව ඇතැයි සඳහන් වේ.

මේ අතර පහරදීම සිදුවන අවස්ථාව මන්ත්‍රීවරයේගේ බාල සොහොයුරුගේ දරුවා විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසියට පැමිණිලි කළද මෙතෙක් ඊට සාධාරණයක් ඉටුව නොමැති බව බාල සොහොයුරු චෝදනා කරයි.

මෙම සිද්ධිය පිළිබඳව වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඞී.එම්. අබේසේකර මහතාගෙන් කරන ලද විමසීමේදී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය මගින් විමර්ශනයක් සිදු කරන බවත් මව්පිය දෙපලට පහරදීම් සිදු කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය. මේ පිළිබඳ පවුලේ දරුවන් විසින් මාතර පොලිස් අධිකාරී කාර්යාලයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.