තවත් කොවිඩ් මරණ 103ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 103ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 103ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (18) දින තහවුරු කර ඇත.

එම මරණ 103ත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,125ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ සිදුව ඇති මරණවලින් 47 දෙනෙක් කාන්තාවන් වන අතර, සෙසු 56දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 77 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් සිටී.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 24 දෙනෙක් අවුරුදු 30 -59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.