ලෝකෙටම සුභ ආරංචියක්.. කොවිඩ් තුරන් වන ලකුණු…

0
Good News for World about Covid - ලෝකෙටම සුභ ආරංචියක්.. කොවිඩ් තුරන් වන ලකුණු...
කොවිඩ් 19 වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් මේ වන විට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව ඇමරිකානු පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

මෙම නවතම සොයාගැනීම වාර්තා වන්නේ ඇමරිකාවේ රොකෆෙලර් සරසවියේ පර්යේෂණයකින්.

මෙම සුපිරි ප්‍රතිදේහය පරිණාමනය වී ව්‍යාප්ත වීමත් සමඟ කොවිඩ් වෛරසයද සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යා වෛරසයක් මට්ටමට පත් වනු ඇතැයි එම සරසවියේ වෛරසවේදීන් පෙන්වා දී ඇත්තේ.

මේ වන විට පැතිරෙන සියලුම කොවිඩ් ප්‍රභේදයන්ට මෙන්ම අනාගතයේදී ඇති විය හැකි මේ ආකාරයේ වෛරස් මාදිලිවලටද මෙය කදිම ප්‍රතිකාරයක් බවද ඔවුන් සොයාගෙන තිබෙනවා.

මීට වසර විස්සකට පමණ පෙර සොයා ගත් සාස් රෝගය ඇති කරන මුල් කොවිඩ් වෛරසයට සහ එහි විපරිත මාදිලියටද එකසේ ප්‍රතිචාර දැක්වීමට මෙම සුපිරි ප්‍රතිදේහයට හැකි වූ බව සනාථ වී ඇති බව සඳහන්.