මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට හේතුව ඇමතිවරයෙකු හෙළි කරයි

0
Rohitha Abeygunawardena Statement of Liquor Shops Open - මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට හේතුව ඇමතිවරයෙකු හෙළි කරයි
රට පුරා මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට කටයුතු කරනු ලැබුවේ රජය විසින් අවසර ලබාදීමෙන් පසුව බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

“රජයේ අවසරයකින් තොරව මත්පැන් අලෙවිසැල් විවෘත කළ නොහැකි. රජයේ නිසි අවසර ලබා දීමෙන් පසු රට පුරා බලපත්‍රලාභී මත්පැන් අලෙවිසැල් දැන් විවෘතව කෙරුණා”. යැයි අමාත්‍යවරයා කියා සිටියා.

ගම්වල නීති විරෝධීව නිෂ්පාදනය කරන ලද මත්පැන් බොහෝ දෙනා මිලදී ගනිමින් සිටිනවා බවත් එය සෞඛ්‍යට අවදානම් වීම නිසා මෙලෙස සුරාසැල් විවෘත කිරීමට කටයුතු කෙරුණ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් නොමැති බව ජනතාව මැසිවිලි නැඟුවද, විවෘත කිරීමට අවසර දුන් වහාම මත්පැන් අලෙවි සැල් ඉදිරිපිට විශාල පෝලිම් දක්නට ලැබුණු බව ද ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.

“මිනිස්සු කන්න සල්ලි නෑ කියලා ආණ්ඩුවෙන් මුදල් සහනාධාර දෙන්න කියලා ඉල්ලනවා. නමුත් බාර් විවෘත කළ විගසම ඔවුන් ඒ ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා.” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියා.