සුරාසල් විවෘත කිරීම ගැන වෛද්‍ය විශේෂඥයන්ගේ අප්‍රසාදය

0
SLMA Statement of Liquor Shops Open - සුරාසල් විවෘත කිරීම ගැන වෛද්‍ය විශේෂඥයන්ගේ අප්‍රසාදය

සුරාසල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ අප්‍රසාදය පළ කරති.

සුරාසල් විවෘතකිරීමට රජය ගෙන ඇති තීරණය කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පැවසුවාය.

සුරාසල් ඉදිරිපිට ජනතාව පොරකන දර්ශන දක්නට ලැබුණු බවත් මෙය සුබවාදී තත්වයක් ලෙස සැලකිය නොහැකි බවත් ඇය සඳහන් කළාය.

මින් කොවිඩ් පාලන වැඩපිළිවෙළට සිදුවන හානිය ඉතාම වැඩි බව පැවසූ ගුණරත්න මහත්මිය පාසල් ඉක්මනින්ම විවෘත කිරීමට ඇති අවස්ථාවද මෙමගින් දීර්ඝ විය හැකි බව පෙන්වා දුන්නාය.

රෝගය පාලනය කර රට කොළපාට දක්වා යන ගමනට මෙය හානිකර බවද පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය .

මේ අතර ඇඳිරිනීතිය දීර්ඝ කිරීමෙන් මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක ලෙස පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.