මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

0
Mahinda Samarasingha Redy to Resign from Parliament - මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාර ගන්නා ලෙස කර තිබූ ආරාධනාවකට අනුව මොහු මෙම තීරණය ගෙන ඇති බවයි.

මීට පෙර ඇමරිකානු තානාපතිවරයා ලෙස රවිනාථ ආරියසිංහ කටයුතු කළ අතර පසුගිය දා ඔහු එම ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවා.