දරුවන් සහ බිරිය බේරා ගන්න සැමියා අලියාගේ අඟට පනී

0
Elephant Attack in Hambanthota - දරුවන් සහ බිරිය බේරා ගන්න සැමියා අලියාගේ අඟට පනී

නිවසේ නිදා සිටි සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිද වල් අලියාගෙන් බේරා ගැනිමට වන එම වල් අලියා සමග ඔට්ටු වු පියකු අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ශෝචනීය පුවතක් හම්බන්තොට නාගර්වැව ප්‍රාද්ශයෙන් වාර්තා වීය.

කුරුළු උයන ගම්මානය, නාගර්වැව, හම්බන්තොට ලිපිනයේ පදිංචි සිව් දරු පියකු වන 35 හැවිරි කේ.පී.ජී.අනුර මහතා මෙලෙස වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

බිරිද වන 25 හැවිරිදි ඒ.නිලූකා දමයන්ති මහත්මිය එම බිහිසුණු අත්දැකීම මෙලෙස විස්තර කළාය.

අපි ඉස්සර වෙලා පදිංචි වෙලා හිටියේ ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේ. එම ඉඩම් අලි කළමානාකරණ රක්ෂිතයට යනවා කියලා අපිට නාගර්වැව අද ඉන්න මේ ඉඩම් ලබා දුන්නා. මේ ඉඩම් වලට හැමදාම අලි එනවා. එදාත් එළිවෙනකම්ම අපි අලි එළවලා පාන්දර ටිකක් නිදා ගත්තා. නිදාගෙන වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ පාන්දර 6.30ට විතර ඇති එක සැරේම ගේ පිටිපැත්තෙන් වහලට ගැහුවා. එතකොට මායි මහත්තයයි දරුවෝ තුන් දෙනයි නිදාගෙන හිටියේ. මට හයියෙන් කෑ ගැහුණා. මහත්තයා නැගිටලා දොර ඇරලා බලන්න හදනකොටම අලිගේ බිත්තිය පෙරළුවා. අපි ඔක්කොම ගේ ඇතුළෙ හිරවෙලා.

කරකියා ගන්න දෙයක් නැතිව අපි ගේ ඇතුළේ ඉදන් කෑ ගැහුවා. අලියා ගේ වහලයි බිත්තියයි කඩලා ගේ ඇතුලේ හිටිය අපේ පැත්තට හොඩේ දමන කොට මහත්තයා අලියා පැත්තට පැනලා අපිට දුවලා යන්න කිව්වා. අලියා මහත්තයා පස්සේ එළවද්දි මන් දරුවෝ තුන්දෙනා අරන් ගෙයින් එළියට පැනලා දිව්වා.ඒත් එක්කම අලියා මහත්තයාට ගැහුවා.මහත්තවා විසිවෙලා ගිහින් බිම වැටුණා.අලියා නැවත් ඇවිත් ගේ කැඩුවා. එතකොට අහල පහළ අයත් ඇවිත් කෑ කෝ ගහලා අලියා එළවා ගත්තා.ජිවිතේ අපි පුදුම තරම් බය වුනේ එදා තමයි.

අලියා පැත්තට පැන්නේ නැත්නම් අලියා දරුවෝ තුන්දෙනත් එක්ක අපිව ගේ ඇතුලෙම මරා දමනවා.අලි ප්‍රහාරයන් මහත්තයගේ කකුල් දෙකයි අතයි කැඩිලා. එයා දැන් රෝහලේ.අපි කුළී වැඩ කරගෙන ජිවත් වෙන්නේ.අපිට ගෙයක් හදාගන්න තරම් වත්කමක් නෑ.එක පුතෙක් පන්සලක නවත්තලා තියෙන්නේ.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එක කාමර කෑල්ලක් හදා ගන්න අපිට පිහිටක් වෙන්න.

මට අවුරුදු 10,7,4 හා අවුරුදු එක හමාරක දරුවෝ හතර දෙනෙක් ඉන්නේ.එක කාමර කෑල්ලක් හදාගන්න උදව්වක් කලොත් ඒක ලොකු පිනක් යැයි ඇය පැවසුවාය.