වර්තමානයේ දී වැඩි මිලට වාහනයක් ලීසිං කිරීමට පෙර ඔබ දැන ගත යුතුම දේ

0
Prices of Vehicles in Sri Lanka - වර්තමානයේ දී වැඩි මිලට වාහනයක් ලීසිං කිරීමට පෙර ඔබ දැන ගත යුතුම දේ
මීට වසර කිහිපයකට පෙර එංගලන්තය වැනි රට වල දේපළ වෙළෙඳාම් සම්බන්ධයෙන් බබල් එකක් ඇති වූ ආකාරයට මෙරට වාහන වෙළෙඳපොළේ ද, බබල් එකක් ඇති වී තිබෙන බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

මෙම පසුබිම තුළ ඇතැම් වාහන නොවටිනා මිල ගණන්වලට විකිණීමට ඇති අයුරු වාහන අලෙවි දැන්වීම් පළකරන ඇතැම් වෙබ් අඩවි පිරික්සීමේ දී පැහැදිලි වන බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම වර්තමානයේ දී වාහන ආනයන නවතා දැමීමත් සමඟ මෙරට පාවිච්චි කරන ලද වාහන මිල සීඝ්‍රයෙන් ඉහළ යන ප්‍රවණතාවක් දකින්නට ලැබී තිබෙනවා.

පවතින තත්ත්වය සමතයකට පත් වූ කාලයක දී වැඩි මිලට ලීසිං පහසුකම් සපයන ලද සමාගම් අර්බුදයකට පත්විය හැකි බවත්, මේ වන විට සියලු මූල්‍ය සමාගම් ඒ ගැන සලකා බලමින් සිටින බවත් ඔහු පවසනවා.

මේ අතර,මෙරට වාහන වෙළෙඳපොළේ ඇති වෙලා තියෙන තත්ත්වේ වර්තමානයේ දී වාහන ආනයන නවතා දැමීමත් සමඟ මෙරට පාවිච්චි කරන ලද වාහන මිල සීඝ්‍රයෙන් ඉහළ යන ප්‍රවණතාවක් දකින්නට ලැබී ඇත.

මෙම පසුබිම තුළ ඇතැම් වාහන නොවටිනා මිල ගණන්වලට විකිණීමට ඇති අයුරු වාහන අලෙවි දැන්වීම් පළකරන ඇතැම් වෙබ් අඩවි පිරික්සීමේ දී පැහැදිලි වේ.

මීට වසර කිහිපයකට පෙර එංගලන්තය වැනි රටවල දේපළ වෙළෙඳාම් සම්බන්ධයෙන් බබල් එකක් ඇති වූ ආකාරයට මෙරට වාහන වෙළෙඳපොළේ ද බබල් එකක් ඇති වී තිබෙන බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පවතින තත්ත්වය සමතයකට පත වූ කාලයක දී වැඩි මිලට ලීසිං පහසුකම් සපයන ලද සමාගම් අර්බුදයකට පත්විය හැකි බවත් මේ වන විට සියලු මූල්‍ය සමාගම් ඒ ගැන සලකා බලමින් සිටින බවත් ඔහු පවසයි.

“එක පාරක් එංගලන්තේ එහෙම විශාල රියල් එස්ටේට් බබ්ල් එකක් ආවා. මොකද නොහිතන ගණන්වලට රියල් එස්ටේට් වටිනාකම ගිහිල්ලා අන්තිමට එකසැරේට ඒවායේ වටිනාකම අඩුවුණා. එතකොට අඩුවුණු ගමන්ම බැංකු කඩාගෙන වැටුණා. සමහර වාහන මිලියන 8 ට 10 ට ගියපු ඒවා අද වෙන කොට මිලියන 20 ට විතර යනවා කියලා ආරංචි වෙනවා.”