සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 05 ඉක්මවයි

0
Covid New Cases Today in Sri Lanka - සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 05 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 792ක් අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,070කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 500,772ක් දක්වා ඉහළගොස් තිබේ.

කොරෝනා ආසාදිතව සිටි තවත් 1186 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

Today Recoveries

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 429,776ක්.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 121ක් වාර්තාවී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.