තවත් කොරෝනා මරණ 121ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොරෝනා මරණ 121ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 121ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (16) තහවුරු කළ මෙම මරණ 121ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11938ක් ලෙසටයි.

මෙම මරණ 121 අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමි අයෙක් වනවා.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 28ක් තහවුරු වී ඇති අතර පිරිමි 16ක් සහ කාන්තාවන් 12ක් ඊට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 92ක් ඊයේ තහවුරු කළ මරණ 121 අතර වනවා. ඒ කාන්තාවන් 47ක් සහ පිරිමි 45ක් වශයෙන්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 499,972ක් හඳුනාගෙන ඇති අතර ඉන් 58258ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 429,776ක්.