නිරෝධායන ඇඳිරි නීතිය යළි දීර්ඝ කරයි

0
Quarantine Curfew Extended Again - නිරෝධායන ඇඳිරි නීතිය යළි දීර්ඝ කරයි

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නැවතත් දීර්ඝ කිරිමට අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නිතිය ඔක්තෝබර් 01 දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා අගෝස්තු මස 20 වෙනිදා සිට නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට රජය තීරණය කරනු ලැබුවා.