චීත්තයක් ඇඳ සෙල්ලම් කළ දැරිය චීත්ත රෙද්දෙන්ම ගෙල සිරවී මියයයි

0
Child Death in Matara - චීත්තයක් ඇඳ සෙල්ලම් කළ දැරිය චීත්ත රෙද්දෙන්ම ගෙල සිරවී මියයයි

සිය නැගණිය සමග විවිධ ඇදුම් ඇදගෙන නිවසේ සෙල්ලම් කරමින් සිටි මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 11 හැවිරිදි දැරියක් චීත්ත රෙද්දක් ගෙල සිර වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කොටවිල පොලීසිය පවසයි.

එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව ඇත්තේ මිරිස්ස හේන්වල පදිංචිව සිටි දංකොලුවලියනගේ චතුමී නිසල්කා(11) නැමැති සිසුවියකි.

ඉකුත් වසරේ දී ශිෂ්‍යත්ව විභාගය සමත් වීම නිසා ඇය මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වෙත සුදුසුකම් ලබා එහි 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.

ගුරුවරියක ලෙස මවගේ සාරි ඇද ගෙන නැගණියට ඉගැන්වීම, චීත්තයඇද ගෙන මිත්තනිය මෙන් රඟපාමින් නැගණිය සමග විනෝදයට කර ඇයි බව කියති.