අද කොවිඩ් ආසාදිතයන් 2,200 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයන් 2,200 ඉක්මවයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 889ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 2271ක්.

ඒ අනුව මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 498,694ක් හඳුනාගෙන ඇති අතර ඉන් 57398ක් රෝහල්ගතව හෝ වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.

අද කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 1,336 ක් සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

Today Recoveries

සුවය ලබා පිටව ගිය මෙම පිරිසත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 428,590 ක්.

මෙරටින් තවත් කොරෝනා මරණ 118ක් වාර්තාවී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.