තවත් කොරෝනා මරණ 118ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri lanka yesterday - තවත් කොරෝනා මරණ 118ක් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 118ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11817ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 57ක් සහ පිරිමි පුද්ගලයන් 61ක් වනවා.

අවුරුදු 30ත් 59ත් අතර මරණ 23ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි 12ක් සහ කාන්තාවන් 11ක් වශයෙන්.

අවුරුදු 60සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 95ක් වනවා. ඒ කාන්තාවන් 46ක් සහ පිරිමි 49ක් වශයෙන්.