බම්බලපිටියේදී යකා නැටූ සෙල්ලම් පිස්තෝල නගරාධිපති අල්ලන්න හොයයි

0
Police Investigation about Hambanthota Mayor - බම්බලපිටියේදී යකා නැටූ සෙල්ලම් පිස්තෝල නගරාධිපති අල්ලන්න හොයයි

බම්බලපිටිය කොතලාවල පාරේ ඉඩමකට අනවසරයෙන් පිවිස එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහරදී තුවාල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

එරාජ් ප්‍රනාන්දු මහතා මෙම පහරදීම කර ඇත්තේ පෙරේදා රාත්‍රීයේ දීයි.

ඔහු එහි සිටි ආරක්ෂක නිලධාරින්ට බැණ පහරදී ඇත්තේ කුමන හේතුවක් මත දැයි මේ වන විටත් කරුණු අනාවරණය වී නොමැති බව ද පොලීසිය සඳහන් කලා.

මෙම පහරදීම සම්බන්ධයෙන් 04 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම ප්‍රකාශ ඔස්සේ පරීක්ෂණ පවත්වා එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවත් පොලීසිය කියාසිටියා.