විවාහක රූ රැජින පුෂ්පිකා එල්ලුම් ගහ බලන්න ගියාද?

0
Pushpika Facebook Status of Prision Incident - විවාහක රූ රැජින පුෂ්පිකා එල්ලුම් ගහ බලන්න ගියාද?
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් හුවා දැක්වෙන පරිදි තමන් වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගහ නැරඹීමට ගිය බවට පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පවසනවා.

සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර සිටිනවා.

ලබන වසරේ මුල ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සහභාගි වීමට මේ දිනවල ඉතා දැඩි කැපවීමකින් සූදානම් වෙමින් සිටින බවයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ ඇය විසින් තබා තිබු ෆේස්බුක් සටහනයි..