අද කොවිඩ් ආසාදිතයින් 2,300 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 2,300 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 572 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,314කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 496,422ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 11,605 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 427,254ක් දක්වා ඉහළගොස් තිබේ.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 132ක් වාර්තාවී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.