තවත් කොවිඩ් මරණ 132ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 132ක් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 132ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 66ක් සහ පිරිමි පුද්ගලයන් 66ක් වනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11699ක් ලෙසටයි.

වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි අයෙක් මෙම මරණ අතරට අයත්.

අවුරුදු 30ත් 59ත් අතර මරණ 28ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි 18ක් සහ කාන්තාවන් 10ක් වශයෙන්.

අවුරුදු 60සහ ඊට වැඩි මරණ 101ක් වනවා. ඒ කාන්තාවන් 54ක් සහ පිරිමි 47ක් වශයෙන්.