බන්ධනාගාර සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වේ

0
Lohan Ratwatte Resign from State Minister - බන්ධනාගාර සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වේ

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා විසින් එය පිළිගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටිනවා.

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමන් අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමිනුයි.

පසුගියදා රූපරැජිනියක් සහ මිතුරන් සමගින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුලු වූ රාජ්‍ය අමාත්‍යවරයා සිරකරුවන් දණ ගස්වා හිසට පිස්තෝල තබමින් තර්ජනය කල බවත් එල්ලුම්ගහ නැරඹීමට අවශ්‍යබව පවසමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවත් අදාල අවස්ථාවේ පිරිස බීමතින් සිට ඇති අතර අමාත්‍ය වරයාද කිහිපවරක් බිම ඇද වැටුන බවත් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා දිගින් දිගටම වාර්ථා උනා.

ලිපියට අනුව රජය අපහසුතාවයට පත්වීම හේතුවෙන් ඉල්ලා අස්වන බවත් අද (15) සිට ඉල්ලා අස්වන බවත් සඳහන්.

අමාත්‍යවරයා විසින් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ වෙත යොමුකල ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්.