හුදෙකලා කළ ප්‍රදේශවල ජනතාවට ලබන සඳුදා සිට සහන මල්ලක්

0
සඳුදා සිට සහන මල්ලක්

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් හුදෙකලා කර ඇති ප්‍රදේශවල සුදුසුකම් ලැබූ ජනතාවට සඳුදා සිට සහන මල්ලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් එම සහන මලු ලබාදිය යුතු පිරිස් තෝරාගෙන ඇති අතර, රුපියල් 5,000 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය විස්සක් ඊට ඇතුළත්.

අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ඇතුළත් මෙම සහන මල්ල එළඹෙන සඳුදා සිට දින 3 ක කාලසීමාවක් ඇතුළත ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව සුදුසුකම් ලැබූ පුද්ගලයින් සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවා නිලධාරීන් සමෘද්ධි නිලධාරීන් විසින් සහන මල්ල බෙදාහැරීමේ කටයුතු සිදුකරනු ඇති.