අද කොවිඩ් ආසාදිතයන් 2,500 ඉක්මවයි

0
Covid New Cases Today in Sri Lanka - අද කොවිඩ් ආසාදිතයන් 2,500 ඉක්මවයි
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 805ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව අද දිනට මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2560ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද ඒ අනුව 488,482ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

අද (13) කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 1,483 ක් සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

Today Recoveries

සුවය ලබා පිටව ගිය මෙම පිරිසත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 414,295 ක්.

ඊයේ දිනයේ සිදුවූ අද දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 135ක් වාර්තා වී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.