දින 6ක බිළිඳෙකුත් කොරෝනා ආසාදිතව මිය යයි

0
Baby Death by Covid in Balangoda - දින 6ක බිළිඳෙකුත් කොරෝනා ආසාදිතව මිය යයි
දින 6ක බිළිඳෙකු කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බලන්ගොඩ මූලික රෝහලේ දී පසුගිය 5 වන දා උපත ලැබූ බිළිඳාට හුස්ම ගැනීමේ අපහසුතාවක් හටගෙන ඇති අතර අනතුරුව ඔහුව රෝහලේ නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කෙරුණා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී බිළිඳා ජීවිතක්ෂයට පත්වී ඇති අතර පසුව සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ බිළිඳාට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

නමුත් දරුවා බිහි කිරීම සදහා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මවට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයකදී අනාරණ වී ඇත්තේ ඇයට කොරෝනා ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත් දරුවාගේ මව යළි කොරෝනා පරීක්ෂණයකකට භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැහැ.