කබ්රාල් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි.. හිස් වන මන්ත්‍රී ධූරයට කැටගොඩ…

0
Jayantha Ketagoda to re-enter Parliament - කබ්රාල් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි.. හිස් වන මන්ත්‍රී ධූරයට කැටගොඩ...

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබේ.

ඔහු එලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ මහ බැංකු නව අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමේ අරමුණින්ය.

මේ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධූරයට ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ජයන්ත කැටගොඩ මහතා වර්තමාන ආණ්ඩුව ආරම්භයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි අතර බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට මීට මාසයකට පමණ පෙර මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.