ශ්‍රී ලංකා පිතිකරුවන් මංමුළා වෙයි.. දෙවන තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට…

0
SL vs SA 2nd T20 - ශ්‍රී ලංකා පිතිකරුවන් මංමුළා වෙයි.. දෙවන තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට...

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට හිමි වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 103ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහිදී කඩුලු 01ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තමන් කෙරේ තැබූ විශ්වාසය අකුරටම තහවුරු කළ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 103 කට සීමා කළා.

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ලෝකයේ අංක 1 හිමි පන්දු යවන්නා වන තබ්රේස් ශම්සි සිය චයිනමන් පන්දුවලින් ශ්‍රී ලංකා පිතිකරුවන් මංමුළා කරමින් ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගත්තේ කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නන්ට වෙහෙස වීමට ඉඩ නොතබමිනුයි.

දඟ පන්දු යවන්නන්ගේ පීඩනය කොතෙක්ද යත් ලකුණු 3 ක් ඇතුළතදී ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 4 ම බිඳවැටුණේ වරෙක කඩුලු 6 කට 100 ක් ව තිබූ ලකුණු පුවරුවේ ඉලක්කම් කරකැවීම 103 දී නතර කරමිනුයි.,

දකුණු අප්‍රිකානුවන් වේග පන්දු යැවීමට කීර්තියක් උසුළන නමුත් අද තරගයේදී බිඳවැටුණු කඩුලු 10 න් වේග පන්දු යවන්නකුට හිමිවූයේ එකක් පමණි.