අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීම ලබන 21 වැනිදා සිට

0
Covid Vaccination for Children - අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීම ලබන 21 වැනිදා සිට
වයස අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීමේ ලබන 21 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මේ අනුව එහි ප්‍රථම අදියර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ආරම්භ වීමට නියමිතයි. එහිදී නිදන්ගත රෝග සහිත දරුවන් සඳහා පළමුව එන්නත් ලබා දීමට නියමිත බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කළේ.

එමෙන්ම අදාළ දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදෙන බව ද ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සාමාජික ළමා රෝග විශේෂඥවෛද්‍ය ආර්.එම්.සුරන්ත පෙරේරා මහතා පැවසුවා.

මේ අතර මෙරට කොවිඩ් මර්දන ඉදිරි පෙළ පුද්ගලයින්, නිදන්ගත රෝග සහිත දරුවන් සහ වැඩිහිටියන් සඳහා තුන්වන මාත්‍රාවක් ලබාදීම වඩාත් සුදුසු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත් විශේෂඥවරුන්ගේ නිර්දේශය මත පමණක් එම කටයුතු සිදු කළ යුතු බවයි එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ.